ඉක්මනින් සුදු වෙන්න කැමති අයට ගෙදරදීම හද ගන්න පුළුවන් රහස් ප්‍රතිකාර වට්ටෝරුව.


මුහුණට ෆෙයානස් ට්‍රීට්ම්න්ට් Treatments ලබාගන්න සැලොන් එකකටම යන්න ඕන නැහැ. කුස්සියේ තියෙන දේවල්වලින් අපිට ලේසියෙන්ම සුදු වෙන්න පුළුවන්. අපි හැමෝම ටිකක් හරි සුදු වෙන්න කැමතියිනේ. නමුත් මේ දේවල් කරනවා නම් හොඳ Sun block එකක් පාවිච්චි කළ යුතුමයි.

පරිප්පු සහ සහල් grind කරලා scrub එකක් හදාගෙන එය මුහුණේ ගාන්න.
කහ, මී පැණි සහ ලෙමන් මිශ්‍ර කරලා මුහුණේ ගෑමෙන් පැහැපත් සමක් ලබාගන්න පුළුවන්. නමුත් තමන්ගේ පාට හුඟක් අඩුයි නම්, (කළු) නම් මෙය ගාන්න එපා.

ලෙමන් ගෙඩියක් දෙකට කපලා හැමදාම මුහුණේ හොඳට අතුල්ලන්න. ලෙමන්වල තියෙනවා ස්වභාවික බ්ලීච් එකක්. ඒකෙන් අපේ මුහුණේ තියෙන අඳුරු ගතිය, pimple marks හුඟක් දුරට [fade] නොපෙනී යනවා.
අල ගෙඩියක juice එක bowl එකකට මිරිකා ගන්න. එය මුහුණේ, බෙල්ලේ හොඳින් ගාන්න. ටික කාලයක් මෙය කරගෙන යනකොට ඔයාලටම තේරෙයි ඔයාලව ටිකින් ටික සුදු වෙනවා කියලා. 

සමහර විට ලොකු ගණන් දීලා ගන්න creams වලට වඩා මේ වගේ ලෙහෙසියෙන්ම ගෙදර ඉඳන් කරගන්න දේවල්වලින් සුදු වෙන්න පුළුවන්. අනික මේ හැමදෙයක්ම ස්වභාවිකව කරගන්න නිසා ඒක සමටත් හොඳයිනේ.

Milk (කිරි) සහ මී පැණි මිශ්‍ර කරලා හැමදාම මුහුණේ ගෑවොත් පැහැපත් සමක් ලබාගන්න පුළුවන්.
Curd (මී කිරි) සහ තක්කාලි මිශ්‍ර කරලා නිදාගන්නට පෙර හැමදාම මුහුණේ ගෑවොත් ඔයාලට ලොකු වෙනසක් පෙනේවි.

මී කිරි හා ලෙමන් එක ගානට අරගෙන මිශ්‍ර කරලා ගෑවම පැහැපත් සිනිඳු සමක් ලබාන්න පුළුවන්.
පිපිඤ්ඤා පල්ප් එක (ග්රේට් කරගත් පිපිඤ්ඤා) මී පැණි සමග මිශ්‍ර කර මුහුණේ ගාන්න. ඔයාලට දවස් කිහිපයකින් මුහුණ සුදු කරගන්න පුළුවන්.

Curd (මී කිරි) මුහුණේ ගෑමෙන් පැහැපත් සිනිඳු සමක් ලබාගන්න පුළුවන්. curd වල තියෙනවා zinc, lactic acid කියන දෙක. එමගින් සමේ පැහැය light කරනවා.

Almond oil හරි olive oil හරි අරගෙන මුහුණ හොඳට massage කරන්න. නියම ප්‍රතිඵල ලබාගන්න ඕන නම් මේකට කහ කුඩු ටිකකුත් එකතු කරන්න. මේ home remedy එක බය නැතුව try කරන්න පුළුවන්.

පුංචි පැපොල් ගෙඩියක් අරගෙන ඒකේ ලෙල්ල අයින් කරලා ඇට ඉවත් කරලා බ්ලෙන්ඩ් කරන්න. සුමුදු paste එකක් හදාගන්න. එය මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 20ක් පමණ මුහුණේ තබා යන්තම් රස්නේ වතුරෙන් සෝදන්න. පැපොල් වල තියෙනවා, vitamin C. ඒ වගේම පැපේන් කියලා enzyme එකකුත් තියෙනවා. එය අපේ මුහුණ scrub කරන්න උදව් වෙනවා. ඔයාලා පැපොල් තෝරද්දි කොළ පාට ගෙඩියක් ගන්නට උනන්දු වෙන්න.


Comments