යටිපතුල් ඉරිතැලිම එසෙත්
නැත්නම් පැලිම ගැහැණු පිරිමි දෙපාර්ශවයම පිඩාවිදින කාරණයක්, මෙම තත්වය වඩාත් උග්‍ර
අතට හැරුනොත් ඇවිදිමට පවා අපහසුවන අතර ඇතැම් අවස්තාවලදි ලේ පවා ගලන තත්වයට පත්වෙයි.යටිපතුල් පැළිම බොහෝ
තරුණ අයට තිබෙන මහා හිසරදයක් නම් අනිවාර්යෙන්ම කිව යුතු කරුනක්. වේදනාව හා අප්‍රසන්න
පෙනුම මගින් මෙය ඔහුන්ව වෙනස්ම මානසික ඇදවැටිමකට පත් වෙනවා. ඇයි මෙහෙම යටිපතුල්
පැලෙන්නේ එයට කළ හැකි විසදුමක් තියෙනවාද කියා මෙම ලිපියෙන් අපි ඔබව අද දැන්වත්
කරනවා.
යටිපතුල්
පැළිමට හේතු..........
වියළි සම.
දිය වැඩියාව.
තයිරොයිඩි ග්‍රන්ථියේ ඇකිවිය හැකි යම් රෝග.
තරබාරු කම.
දිර්ඝ වෙලාවක් සිටගෙන සිටිම.
සමට නොගැළපෙන පාවහන් පැළදිම. මෙයට තවත් උදාහරනයක් නම් ප්‍රමිතියකට නැති පාවහන් පැළදිම වැනි ඉහත කි කරණු හේතු විය හැකිය.
වියළි සම.
දිය වැඩියාව.
තයිරොයිඩි ග්‍රන්ථියේ ඇකිවිය හැකි යම් රෝග.
තරබාරු කම.
දිර්ඝ වෙලාවක් සිටගෙන සිටිම.
සමට නොගැළපෙන පාවහන් පැළදිම. මෙයට තවත් උදාහරනයක් නම් ප්‍රමිතියකට නැති පාවහන් පැළදිම වැනි ඉහත කි කරණු හේතු විය හැකිය.
අපි බලමු මෙම රෝගය සුව
කර ගැනිමට කුමක් කළ හැකිද කියා. මුළින්ම අපි ගොරෝසු හම ඉවත් කර ගත යුතු වෙනවා එය
ඔබට පහසුවෙන් මෙසෙ කළ හැකි වෙනවා.
සාමාන්‍ය උණූ වතුර වළින්
ඔබේ යටිපතු පොගවන්න උනුවතුර වලට ඔබේ සම සිනිදු වි එය ඉවත් කර ගැනිමට පහසු වෙනවා.
මෙයට සබන් හෝ ෂවර් ජෙල් ස්වල්පයක් එකතු කර ගන්න මෙය විනාඩි 10ක් පමණ හොදින් ඔබේ
යටිපතුල් පොගවගන්න. මෙම ක්‍රියාව මගින් ඔබේ යටිපතුල් වල ඇති ගොරෝසු සම හොදින් ඉවත්
කර ගැනිමට උපකාරි වෙනවා.
එසේ උණුවතුර මගින්
සිනිදු කරන යටිපතුල් වල ඇති සම හිමිහිට ඉවත් කර ගත යුකු වෙනවා වෙදනාවක් නොවෙන
ආකාරයට හිමින් මෙය ඔබට කර ගත හැකිය. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පාවිච්චි කරන සිනිදු
ගල කින් ඉතා පහසුවෙන් කර ගත හැකි වෙනවා. මෙය ගොරොසු සම ඉවත් වනතුරු කර ගත යුතු
වෙනවා.
එම ප්‍රෙද්ශයේ මැරුණු සම
තව දුරටත් හොදින් ඉවත් කර ගැනිම සඳහා ඔබට අවශ්‍ය වන්නේ එසෙන්ෂල් ඔයිල් සුවල්පයක්
සහා සිනී සුවල්පයක් පමනි. සිනී සහා ඔයිල් හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව එම මිශ්‍රණය
යොදා ගනිමින් වක්‍රාකාරව දෙපතුල් පිරිමදින්න. මෙහිදි මැරුණු සම සම්පුර්ණයෙන්ම ඉවත්
කර ගන්නට හැකියාව තිබෙනවා. අවසානයෙදි සබන් හෝ ෂවර් ජෙල් මිශ්‍රකරන ලද උණුසුම්
වතුරෙන් දෙපතුල් හොදින් සොදා ගන්න.
ගොරොසු සම ඉවත් කර පසු
යටිපතුල් වලට ප්‍රතිකාර කිරිම අවශ්‍ය වෙනවා එයට අපි ඔබට ඉතා පහසුවෙන් සාදාගත හැකි
අන්තර්ජාලයේ සඳහන් උන ප්‍රතිකාරයක් පහතින් සඳහන් කරන්නම්.
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු කෙසෙල්
ලෙමන් යුෂ (දෙහි යුෂ)
ලෙමන් යුෂ (දෙහි යුෂ)
සාදා ගන්නා
ආකාරය
ඉදුණු කෙසෙල් ගෙඩිය පොඩි
කරගෙන ලෙමන් යුෂ සමග මිශ්‍රකරගන්න. එලෙස සදාගත් මිශ්‍රණය දෙපතුල් වල ආලේපකොට
විනාඩි 10ක් පමන තිබෙන්නට හරින්න.
එය ඉවත් කරිමෙන් පසුව සම මෘදු කර ගැනිම සහා තෙතමනය රදා පැවතිමට මෙසේ කළ යුතු
වෙනවා.
නිදාගැනිමට පෙර ඔලිව්
තෙල් වලින් දෙපතුල් හොඳින් සම්භාහනය කරන්න. පසුව පුලුන්වලින් සාදන ලද මෙස් එකක්
පළදිනවානම් වඩාත් හොඳ ප්‍රතිළුල ලබා ගන්නට පුලුවන්.
පහතින් දක්වා
ඇත්තෙ ඔබට නිවසේදිම කරගත හැකි තවත් සරල ප්‍රතිකර්ම කීපයකි.
පොල් තෙල් භාවිතා කිරිම (coconut oil treatment)
පොල් තෙල් භාවිතා කිරිම (coconut oil treatment)
ඔබගේ පැලුණු යටපතුල් පොල්තෙල් භාවිතා කර පිළියමක් ලබාගන්න පහත පියවර අනුගමනය කරන්න.
රාත්‍රි නින්දට යෑමට පෙර උණුසුම් ජලය භාවිතා කර ඉන් ඔබේ දෙපා පොගවා බ්‍රස් එකකින් හෝ ඒ සදහා භාවිතා කල හැකි වැටකොළු කොස්සක් වැනි යමක් භාවිතා කර හොදින් පිරිසිදු කරගන්න.
එසේ පිරිසිදු කරගත් දෙපා
යටිපතුල් හොදින් වියලිමට හරින්න (තෙත ගතයි නැතිවන තුරු)
දැන් පාදවල යටිපතුල් හි
ඉරිතැලි ස්ථානවල හොදින් පිරිසිදු පොල්තෙල් ගල්වන්න.
එසේ ගැල්විමෙන් පසු කපු
වැනි රෙද්දකින් නිමකරන ලද මේස් යුගළක් පලදින්න.
පසුදින උදැසන අවදිවි
මේස් යුගල ඉවත්කර යටිපතුල් හොදින් සොදාහරින්න.
නිසි ප්‍රතිපළ ලබාගන්න
නම් දිනපතා රාත්‍රියේ මෙම ප්‍රතිකර්මය දින කීපයක් යනතුරු අනුගමනය කරන්න.
ග්ලිසරින් සමග
ලෙමන් යුෂ (Glycerin
and lemon juice)
ග්ලිසරින් සහ ලෙමන් යුෂද
ඔබගේ ඉරිතැලිගිය යටිපතුල්වලට පිළියමක් ලෙස යොදාගත හැකි සාර්ථක ක්‍රමයකි (ග්ලිසරින්
වෙළෙද පොලෙන් මිලදිගත හැක)
සමාන ප්‍රමාණයන්ගෙන්
ග්ලිසරින් සහ ලෙමන් යුෂ මිශ්‍ර කරගන්න, හැකි නම් රෝස වතුර ස්වල්පයක්ද මිශ්‍රකරගන්න.
එය ඔබගේ පැලි ඇති
යටිපතුල්වල ගල්වන්න.
දැන් එය විනාඩි 20ක් පමණ තබා හොදින් සොදා
හරින්න.
සාර්ථක ප්‍රතිපළ ලගා
කරගන්න නම් දිනකට එක්වර බැගින් සති දෙකක් පමණ ඉහත කි ප්‍රතිකර්මය කරන්න.
Mentholated rub භාවිතා කිරිම
Mentholated rub ඔබට වෙළෙද පොලෙන් මිලදි
ගැනිමට හැකි අතර එය කපුරු වැනි සුවදක් ඇති ක්‍රිම් එකකි. එය භාවිතා කරමින් සාර්ථක
ප්‍රතිපළ ලබාගන්නෙ මෙසෙයි.
රාත්‍රි නින්දට යෑමට පෙර Mentholated rub ඔබගේ ඉරිතැලි ඇති
යටිපතුල් වල හොදින් ගල්වන්න.
දැන් ඉහත කී පොල්තෙල් ප්‍රතිකර්මයේ
පරිදිම මේස් දෙකක් භාවිතා කර ආවරණය කරන්න.
පසුදින මේස් යුගළ ඉවත්කර
උණුසුම් ජලයෙන් හොදින් සොදා හරින්න.
මෙමගින් නිසි ප්‍රතිපළ
ලබාගන්න නම් දිනපතා එය අනුගමනය කරන්න.
පළතුරු සහ
පොල් මදය භාවිතා කිරිම (Fruit Mask for Healing Cracked Heels)
මේ සදහා ඔබට අවශ්‍ය ද්‍රව්‍ය
තුනකි.එවා පහතින් වෙයි.
හොදින් ඉදුණු කෙසෙල්
ගෙඩියක්.
ඉදුණු අලිගැට පේර ගෙඩි
භාගයක්.
පොල් ගෙඩි භාගයක පොල්
මදය
ඉහත කී ද්‍රව්‍යයන්
භාවිතා කර ප්‍රතිකර්මය සිදුකරන අයුරු පහතින් බලන්න
ඉහත කී ද්‍රව්‍යයන් තුන
හොදින් එකට මිශ්‍රකර Paste එකක් බවට පත්වනතුරු මිශ්‍රකරගන්න.
දැන් එම මිශ්‍රණය
ඉරිතැලි හානි වි ඇති යටිපතුල්වල හොදින් ගල්වන්න.
විනාඩි 15ක් පමණ තිබෙන්නට හරින්න.
දැන් එය හොදින් සොදා
හරින්න.
දිනපතා මෙය සිදුකිරිමෙන්
නිසි ප්‍රතිපළ ලබාගත හැක.
පැණි සමග කිරි
(Milk And
Honey)
මෙම ප්‍රතිකර්මය සදහා
භාවිතා කරන ද්‍රව්‍ය වලට නම් මුදලක් වැයවෙයි.නමුත් එම ප්‍රතිකර්මය කරන්නෙ මෙසේයි.
මේ සදහා කිරි කොප්ප 2ක් සහ පැණි කොප්ප 1ක් අවශ්‍ය වෙයි.
මුළින්ම බේසමක් වැනි යමක් ගෙන කිරි සහ පැණි එකට එක්කර හොදි කළවම් කරගන්න.
මුළින්ම බේසමක් වැනි යමක් ගෙන කිරි සහ පැණි එකට එක්කර හොදි කළවම් කරගන්න.
දැන් ඔබගේ දෙපා බේසමට
දමා එම මිශ්‍රණයේ විනාඩි 10
-15 ක් පමණ පෙගෙන්නට හරින්න.
දැන් ඔබගේ දෙපා බේසමේ
මිශ්‍රණයේ තිබියදිම ඉරිතැලිගිය ප්‍රදේශ හොදින් සම්බාහනය කරන්න.
ඊන්පසු විනාඩි 10පමණ එසේ තිබෙන්නට
හරින්න.
දැන් මදක් උණුසුම්
ජලයෙන් දෙපා සොදාහරින්න.
කොහොඹ කොළ, කහ සමග ජලය (Margosa And Turmeric
powder)
මේම ප්‍රතිකර්මය සදහා
ඔබට කොහොඹ කොළ , කහ කුඩු තේ හැදි 3ක් පමණ සහ ජලය ස්වල්පයක්
අවශ්‍ය වෙයි. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
මුලින්ම කොහොඹ කොළ මිටක්
පමණ ගෙන වතුර ස්වල්පයක් එක්කර පේස්ට් එකක් වෙන ලෙස අඹරාගන්න.(මේ සදහා බ්ලෙන්ඩර්
එකක් හෝ ඇඹරුම් ගලක් භාවිතා කලහැක)
දැන් ඔබ සාදාගත් කොහොඹ
පේස්ට් එකට කහ කූඩු තේ හැදි 3ක් පමණ එක්කර කළවම් කරගන්න.
දැන් ඔබ සාදාගත් මිශ්‍රණය
ඉරිතැලිගිය යටිපතුල්වල ආලේපනය කර පැය භාගයක් පමණ තබන්න.
ඊන්පසු එය හොදින් සෝදා
ඉවත් කරන්න.
දැන් වියලි පිරිසිදු
රෙදි කැබැල්ලකින් හොදින් පිසින්න.

Comments
Post a Comment