ගැහැණු පිරිමි භේදයකින්
තොරව මෙම වට්ටෝරුව භාවිත කරන්න පුළුවන්.වයසට යනවිට අපගේ මුහුණේ රැලි වැටි මුහුණේ
අදුරු ස්වභාවය වැඩි වෙන බව ඔබ දැනටමත් අත් විදිනවා වෙන්න පුළුවන්.කාන්තාවකගේ තරුණ
පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක් බව අපි කව්රුත් දන්නා කාරණයක්.අන්න ඒ නිසාම ඔබට
මෙම ලිපිය ගොඩාක් වැදගත් වෙයි.
ඔබේ සම රැකගන්න කරන්න ඕන
පොඩි වැඩක් විතරයි.එදිනෙදා ඔබ උයන බත් වලින් තමයි මේ වට්ටෝරුව ඔබ පිලියල කර ගන්න ඕන.
අවශ්‍ය ද්‍රව්‍ය,
තම්බා ගත් බත්
පැණි
කිරි [Fresh Milk]
සාදන ක්‍රමය,
මුලින්ම ඔබ බත් තම්බා
ගත් වතුර පෙරා ගන්න.ඉන් පසු බත් තැම්බූ වතුර වෙනම පසෙකින් තබන්න.මෙහිදී ඔබට
මුලින්ම අවශ්‍ය වන්නේ තම්බා ගත් බත් පමණි.තම්බා ගත් බත් වලට උණු කිරි මේස හැදී 1ක්
සහ පැණි මේස හැදී 1ක් එකතු කරන්න.ඉන් පසු එය තලපයක් වන ලෙස හොදින් අඹරා ගන්න.සාදා
ගත් තලපය මුහුණේ ගල්වා විනාඩි 15ක් පමණ හොදින් වේලීමට හරින්න.ඉන් පසු ඔබ මුලින්ම
බත් තැම්බූ වතුරෙන් මුහුණ හොදින් සෝදා හරින්න.
මෙය ඔබට ඉතාමත් පහසු
වට්ටෝරුවකි.මෙය ඔබ සතියකට එක වරක් කරන්න.ඔබට පැහැදිලි වෙනසක් ඔබේ මුහුණේ දැක ගන්නට
ලැබෙයි.
තරුණ වෙන්න,සම
රැක ගන්න ඔබට මෙන්න ක්‍රම,
හිරු ආවරණ
ආලේපනයක් ගල්වන්න.
හිරු රශ්මිය වැඩි දිවා
කාලයේදී හිරු කිරණින් සම ආරක්‍ෂා කර ගැනීමට නම් සුදුසු හිරු ආවරණ ආලේපනයක් ගැල්විය
යුතුමයි. නැත්නම් සමට හානිවෙමින් පිග්මන්ටේෂන් වැනි තත්ත්වය හා සම රැලි වැටී
වියපත් වීමද ඉක්මන් කරවයි.
හොඳ තත්ත්වයේ
මේකප් භාවිතය
මුහුණේ සම ඉතා සංවේදීයි.
මේ නිසා ඒවාට සුදුසු නිෂ්පාදන වර්ග තෝරා ගැනීමේදී දෙවරක් සිතිය යුතුයි. සමේ ආරක්‍ෂාව
ගැන සිතමින් නිතරම මිල තරමක් අධික වුවත් ප්‍රමිතිගත නිෂ්පාදන තෝරා ගැනීමට වග බලා
ගන්න. නැත්නම් ඔබේ මෘදු සමට හානි කර තත්ත්ව ඇතිවිය හැකියි.
දින චර්යාව
වෙනස් කර ගන්න
ඔබ යොවුන් වියේ පසු
වුවත් සම වියපත් වීම ගැන සැලකිලිමත් වන්න. ඔබ මැදිවියේ පසු වුවත් සෞඛ්‍ය සම්පන්න
ජීවන රටාවකට හුරු වන්නේ නම් සමේ තරුණ බව එලෙසම පවත්වා ගන්න හැකිය. ඇස් යට ගල්වන
ජෙල් හා දිවා කාලයේ භාවිත කරන ආලේපනවල සිරුර වියළීම වැළැක්වීමේ ද්‍රව්‍ය අඩංගු වීම
වැදගත් කරුණකි. එවැනි ස්ථාන ඉක්මනින් රැලි වැටෙන නිසා සුදුසු සත්කාර තෝරා ගන්න.
ඒත් සමඟම පෝෂ්‍යදායී ආහාරවලටද මුල්තැනක් ලබා දෙන්න.
සීනිවලින් ඈත්
වෙන්න
දිනකට සීනි සුළු ප්‍රමාණයක්
අප ශරීරයට අවශ්‍ය වන බව සැබෑවක්. නමුත් සීනි වැඩිපුර ගැනීම නිසා ඔබේ වියපත් බව
මතුවී පෙනෙයි.
හෘද ව්‍යායාම
කරන්න
හෘදයට හිතකර ව්‍යායාම
කිරීමෙන් ඔබේ මුළු සිරුරටම ප්‍රබෝධයක් ලබාගත හැකියි. දිනකට මිනිත්තු 45ක්වත් මෙම ව්‍යායාම්වල
නිරත වීමෙන් හදවත මෙන්ම සමද නිරෝගීව තබා ගැනීමට හැකි බව නම් කිව යුතුමයි.
සුව නින්දක් ලබන්න
රාත්‍රියේදී ලබන සුව
නින්දෙදි දවස පුරා වෙහෙස වූ ඔබට විවේකයක් ලබා ගත හැකිවන අතරම ශරීරය ප්‍රබෝධයද
ලබාදෙයි. යහළුවන් සමඟ විනෝදවීමට හෝ වෙනත් කාර්යයන් නිසා සුව නින්දක් ලැබීමට නොහැකි
වීමටද පුළුවන. පැය 8ක සුව නින්දක් ලැබීමේදී
සිරුරේ අනෙක් අවයවවලට මෙන්ම සමටද ප්‍රබෝධයක් නිරෝගී බවක් ලබාගත හැකියි.
සම හොඳින් පිරිසුදු කරන්න.
සමේ ලප කැළැල් හා සිදුරු
ඇත්නම් සුදුසු ක්ලෙන්සර් එකක් යොදා ගෙන සම හොඳින් පිරිසුදු කර ගන්න. නමුත් තදින්
ඇතිල්ලීම හෝ රළු තුවායකින් මුහුණ පිසදැමීම නම් සුදුසු නැත. මේ නිසා සම ඉක්මනින්
රැලි වැටී වියපත් බවක් ඇතිවිය හැකියි. වැඩියෙන් සේදීම සමේ ඇතිවන ස්වාභාවික තෙල්
ගතිය ඉවත් කිරීමටද හේතුවිය හැකියි.
නින්දට පෙර මේකප් ඉවත් කරන්න.
උදේ මේකප් ගැල් වූ පසු
හවස් වන විටවත් මේවා හොඳින් සෝදා ඉවත් කර නින්දට යන්න. මේකප් ඉවත් කරන ප්‍රමිතිගත
නිෂ්පාදන තෝරාගෙන මෙය සිදුකිරීම වැදගත්ය. නැතිනම් රාත්‍රි නින්දෙදි සම නැවතත් ප්‍රාණවත්
වන විට එහි ගැල්වූ මේකප්වලින් මුහුණට විවිධ ආසාදන ඇතිවිය හැකි අතරම කල් ගතවන විට
සම ඉක්මනින්ම වියපත් විය හැකියි.

Comments
Post a Comment