අවශ්‍ය දේවල්:
මාරි බිස්කට් 30
බටර් ග්‍රෑම් 200
අයිසින් ශුගර් කෝප්ප 2 (රස අනුව අඩු වැඩි කර ගන්න පුලුවන්)
කොකෝවා පවුඩර් මේස හැදි 4-5
ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 1 1/2- 2
වැනිලා තේ හැදි 2
ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 1/2
සරසා ගැනීමට: චොක්ලට් චිප්ස්, කජු හෝ ආමන්ඩ්
සාදාගන්නා ආකාරය:
බටර්, අයිසින් ශුගර් එකට බීට් කර ගන්න.
දැන් එයට කොකෝවා පවුඩර් එකතු කර නැවත හොදින් බීට් කරන්න.
එයට වැනිලා සහ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 1 1/2- 2 ක් එකතු කර හැන්දකින් කලවම් කර පැත්තකින් තියන්න.
පුඩින් එක සදහා සුදුසු බාජනයක් ගන්න.
ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 1/2 බෝල් එකකට දමා ගන්න.
දැන් මාරි බිස්කට් එකින් එක අරගෙන කිරිවල පොගවමින් පුඩින් එක සාදන බාජනයේ යටින් අසුරා ගන්න.
බිස්කට් වලට උඩින් බීට් කර ගත් බටර් අයිසින් එක තවරා ගන්න.
නැවතත් බිස්කට් කිරිවල පොගවමින් අයිසින් එක උඩින් බාජනය වැහෙන්නම අතුරා ගන්න. බිස්කට් එකට උඩින් නැවත අයිසින් එක තවරා ගන්න. කැමති නම් ලේයර්ස් තුනක් මේ විදියට එකතු කරන්න පුලුවන්.
දැන් තමන් කැමති විදියට සරසා ගන්න.මෙය සරසා ඇත්තේ චොක්ලට් චිප්ස් සහ ආමන්ඩ් වලින්. කජු වලින් උනත් සරසා ගන්න පුලුවන්.
මෙය ශීතකරණයේ තියන්න අඩුම තරමින් පැය 8ක් වත්. ඉන් පසු කෑලි කපා ගන්න.

Comments
Post a Comment