පොඩ්ඩන්ට ලේසියෙන් කවන්න අගුණ නැති කෑම


ලෝකේ තියෙන හැම වැඩක්ම ලේසියි පොඩ්ඩොන්ට කෑම කවනවට වඩා.ඔබටත් මෙහෙම හිතිලා තියෙනවද ඔන්න මේ කියන්න යන්නේ පොඩ්ඩොන්ට ලේසියෙන් කෑම කවන්න පුළුවන් වෙන විදිහේ කෑම වට්ටෝරු ටිකක්.කන්න බෑ බෑමයි කියන ජාතිත් අවුලක් නැතුව කවන්න මේ ක්‍රමේට පුළුවන්.

රතු හාල්වලින් සීරියල්

ඉස්සෙල්ලම රතු කැකුළු බත් කෝප්පයක් ගන්න.
මේක බත් ඇට වෙන්වෙන ගානට උයාගෙන තියෙනවනම් වැඩේ ලේසියි.
ඉන්පස්සේ මේ බත් ටික බන්දෙසියාක් අතුරලා රෝලින් පින් එකක් ආධාරයෙන් ටිකක් තලා ගන්නයි ඕන.
දැන් මේ බන්දෙසිය පිටින්ම මේ බත් ටික වේලාගන්න වෙනවා.
තෙත ගතිය ඉවත්වෙනකම් මේ බත් ටික වේලාගන්න ඕන.
හොඳටම වියළුනාට පස්සේ බෝතලේක අසුරලා තියාගන්න.
උදේ කෑම වෙලාවට උණු කිරි එක්ක මිශ්‍ර කරලා සිනී හැන්දකුත් රස අනුව එකතුකලාම හොඳ උදෑසන ආහාරයක්.
මේකටම කෙසෙල්, වියලි මිදී, ස්ට්‍රෝබෙරි වගේ පළතුරක් එකතු කරලා රස වගේම ගුණත් වැඩි කරගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි, සීනි වෙනුවට ජෑම් ටිකක් දාල බලන්න, පොඩ්ඩො ආසාවෙන් කාවි.

ඇපල් බත්

අවශ්‍ය ද්‍රව්‍ය :-

ඇපල් ගෙඩි 5 ක්
ඒ වගේම උයපු බත් කෝප්පයක්.
වියලි මිදී ග්‍රෑම් 50 ක්
කජු හෝ රටකජු ග්‍රෑම් 50 ක්
එළඟිතෙල් ටිකක්.
කුරුඳු කුඩු ග්‍රෑම් 50 ක්
සීනි ග්‍රෑම් 100 ක්
සාදන ක්‍රමය :-

ඉස්සෙල්ලම ඇපල් ගෙඩිය දෙකට කපාගන්න ඕන. ඒ හැබැයි වෙනදට අපල කපන විදිහට නෙමෙයි. හරස් අතට.
එහෙම කපද්දී ඇපල් ගෙඩියේ උඩ කොටස ටිකක් පොඩියටත් යට ටික ටිකක් වැඩියෙන් ඉඩ ඉතුරු වෙන්නත් කපන්නයි ඕන.
ඉන් පස්සේ ඇපල් ගෙඩියේ ලෙල්ලට හානි නොවෙන්න මදය ඉවත්කර ගන්න.
දැන් ඇපල් ගෙඩියේ කොටස් දෙක පොඩි කෝප්පයක් සහ එහි පියන වගේ පෙනෙන්න තියෙයි.
බත්, රටකජු හෝ කජු, වියලි මිදී එළඟි තෙල් එක්ක මිශ්‍ර කරගන මේ ඇපල් ගෙඩියේ යට කොටසට පුරවා ගන්න.
දැන් මේ ඇපල් භාජනය ඇපල් පියනෙන් වහලා සෙන්ටිග්‍රේඩ් අංශක 75 ක උෂ්ණත්වයකට විනාඩි 7 ක් විතර බේක් කරගන්න.
අර කලින් ඉවත් කළ ඇපල් මද පොඩි කර ගන්න..
පුංචි භාජනයකට වතුර ටිකකුත් එක්ක මේ  ඇපල් මද මිශ්‍ර කරලා ලිපේ තියල මද ගින්නේ ස්ටු කරන්නයි ඕන.
ඒකට කුරුඳු කුඩු සහ සීනිත් එකතු කරගන්න අමතක කරන්න එපා.
ස්ටු කරගත් ඇපල් මද ටික බන්දේසියක හෝ පැතලි පිඟානක අතුරන්න.
දැන් අර බේක් වුණු ඇපල් අරගෙන මේ බන්දේසියේ තියල පිළිගන්වන්න.

ගොටුකොල මෑෂ් පොටෙටෝස්

මේකනම් හරිම ලේසි කෑමක්. අදම හදන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :-

අර්තාපල් ග්රෑම් 700 ක්
සිහින්ව ලියාගත් ගොටුකොළ මිටක්
තරමක් ලොකුවට කඩාගත් උම්බලකඩ ග්රෑම් 100 ක්.
ගම්මිරිස් ටිකක් ( අවශ්‍ය නැත්නම් නොදැම්මට කමක් නෑ )
රස අනුව ලුණු.
සාදන ක්‍රමය :-

අර්තාපල් තම්බා පොඩිකරගන්න.
මෙයටම ගොටුකොළ සහ උම්බලකඩ මිශ්‍ර කරගන්න.
ඒ වගේම ලුණු සහ ගම්මිරිසුත්.
දැන් මේ මිශ්‍රණය තරමක් පැතලි රවුම් ආකාරයට සාදා පිළිගන්වන්න.

පරිප්පු සහ බතල සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :-

තම්බා ගත් පරිප්පු මිටක්.
තම්බා පොඩි කරගත් බතල ග්‍රෑම් 100 ක්
පිටි කිරි කෝප්පයක්.
සුප් කැටයක්.
තම්බා පොඩිකරගත් කටු රහිත මස් ග්‍රෑම් 100ක්
තෙල් ස්වල්පයක්.
සුදු ළුණු සහ ළුණු.
දෙහි ටිකක්.
හදන්නේ මෙහෙමයි..

සිහින්ව ලියු සුදුළුණු සහ ළුණු එක්ක තම්බා පොඩිකරගත් මස් යන්තමින් බැදෙන්නට හරින්න.
දැන් තම්බා ගත් පරිප්පු සහ තම්බා පොඩිකල බතල, උණු වතුර කෝප්පයක් සමඟ එක්කර ලිප තියන්න.
සුප් කැටයක්ද මෙයට එකතුකර නොනවත්වා හැඳි ගාමින් පිසගන්න.
බුබුළු නගින මට්ටමට එන විට කිරි කෝප්පය ද මෙයට එකතු කරන්න.
කිරි හොදින් මිශ්‍ර වූ පසු බැදගත් මස් සහ ළුණු මිශ්‍රණය ද මෙයටම එක කරන්න.
මිශ්‍රණය ඝනත්වයෙන් වැඩි බවක් දැනෙනවානම් තවත් වතුර ස්වල්පයක් එක කර උතුරුවාගන්න.
goodhousekeeping

Comments