අපි හැමෝම දන්නවා හොද shaped body එකක් තිය ගන්නනම්, සමබල ආහාර වේලක් හා හොද fitness එකක් තියෙන්න ඕන. කෙනෙක්ගේ පෙනුම එයාගේ
ආත්මවිශ්වාසය වැඩි කරන්න නැත්නම් අඩු කරන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ගේ පෙනුම නිසා අනිත් අය එයාට සලකන විදිහත් වෙනස් වෙන්න පුළුවන්.
ඔබ ගොඩක් busy නම් මේ
දේවල් miss වෙනවා.ඔබ මහත කෙනෙක්නම් ඔබව කෙට්ටු කරලා පෙන්නන්න ක්‍රම කිහිපයක් මෙම
ලිපියේ සදහන් වෙනවා.
ඇඟට තද වූ ඇඳුම්
ඇදීමෙනුත් ඔයාට ඔයාව කෙට්ටු කරලා පෙන්නන්න පුළුවන්.
කළු පැහැති ඇඳුම් වලින් ඔයාගේ slimmer look එක හොදට පෙන්වන්න පුළුවන්.
කළු පැහැති ඇඳුම් වලින් ඔයාගේ slimmer look එක හොදට පෙන්වන්න පුළුවන්.
Vertical stripes තියෙන ඇඳුම් අඳින්න.සිරස්
අතට ඉරි තියන ඇදුම් අන්දම ඔයාගේ මහත අඩුවෙන් තමයි පෙන්න ගන්නේ.
ඔයා අදින ඇඳුම් වල දිග
ගැන සැලකිලිමත් වෙන්න....Dark wash කරපු straight
jeans, dark colored trousers, දණහිස ලඟට දික්වූ pencil skirts
වගේ ඇඳුම් select කරගන්න try කරන්න.එතකොට කෙට්ටු
ස්වභාවයක් පේනවා.
Low-cut vamp තියෙන heels පළදින්න. විශේෂයෙන් ඔයා shorts,
skirts, ගවුම් වගේ ඇන්දම ඔයාගේ කකුල් සිහින්ව පෙන්නන්න උදව්
වෙනවා.
Heel එකේ තොර ගන්නිදීත් ඔබ
සැලකිලිමත් වෙන්න ඕන.heel එකේ size එකත් බලපානවා, සාමාන්‍යයෙන් අඟල් 2.5 හෝ 2.5ට වැඩි heels වලින් තමයි කෙට්ටු බව
ඉස්මතු කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් අඳුරු සමක්
ඇති තරුණියකට වඩාත්ම උචිත වර්ණ දෙකක් තියනවා.ඒ තමයි කලුයි සුදුයි.මෙන්න මේ පාට දෙක
ඔයාට ලස්සන පෙනුමක් ගෙනත් දෙනවා.
කෙට්ටු වෙන්න
ඕනේ නම් ........
උදේ කෑම නොකා ඉන්න එපා.
එහෙම කළොත් බඩගින්න වැඩි වෙලා ඔයා වෙනදාට වඩා කයි.
කෑමට කලින් ලොකු වතුර
වීදුරුවක් බොන්න. ඒකෙන් ඔයාගේ බඩගින්න ටිකක් අඩු වෙන නිසා කන ප්‍රමාණය අඩු කරගන්න
පුළුවන්.
නොකා නොබී ඉදල
අන්තිමට වෙන්නේ ඔබට ලෙඩ හදා ගන්නයි..........
ඕනෑවට වඩා කෙට්ටු වෙන්න
ගිහින් සමහර යෞවන යෞවනියන් ඇනරෙක්සියා කියන ලෙඩේට ගොදුරු වෙලා තියෙනවා. ඒ ලෙඩේ
ජීවිතේට තර්ජනයක්. මොකද ඇනරෙක්සියා තියෙන කෙනෙක් ඇඟ කෙට්ටු කරගන්න ඕන නිසා නොකා
නොබී හාමතේම ඉන්නවා. ඒ ලෙඩෙන් ගොඩ එන්න මාස හතරක් උත්සාහ කරපු මසාමී කියන යෞවනිය
එයාට හැඟෙන විදිහ ගැන මෙහෙම කියනවා. “කවුරු හරි කෙනෙක් මට
ලස්සනයි කියලා කිව්වාම මට හිතෙන්නේ එයා එහෙම කියන්නේ දැන් මං මහත් වෙලා නිසා
කියලයි. ඒ වගේ වෙලාවට ‘අනේ, මාස හතරකට කලින් තිබුණු
ගාණට මගේ ඇඟ බස්සගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද’ කියලා මට හිතෙනවා.”
ඇනරෙක්සියා රෝගයට කෙනෙක්
ගොදුරු වෙන්නේ කොහොමද? ගැහැනු ළමයෙක් ටිකක්
කෙට්ටු වෙන්න හිතාගෙන කෑම පාලනය කරන්න පටන්ගන්නවා. එයා
හිතපු ගාණට ඇඟ බස්සගත්තට පස්සෙත් එයාට හිතෙන්නේ එයා තාමත් මහත වැඩියි කියලයි. ඒ
නිසා එයා තව වැඩියෙන් කෑම පාලනය කරලා තවත් කෙට්ටු වෙනවා. හැබැයි ඒත් එයාට හිතෙන්නේ
එයා මහතයි කියලයි.
කොච්චර කෙට්ටු වුණත් එයාට හිතෙන්නේ තව කෙට්ටු වෙන්න ඕනේ කියලයි.
මේ විදිහට තමයි කෙනෙක් ඇනරෙක්සියා රෝගයට ගොදුරු වෙන්නේ.පරිස්සමෙන් ඔබේ ජීවිතයට
අවදානමක් ගැන නැතුව කෙට්ටු වෙන්න බලන්න.නැත්නම් ඔබ ලොකු අමාරුවක වැටෙයි.




Comments
Post a Comment